• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වයිබර් Cupid Bot, ඇතුළු විශේෂාංග රැසක් සමඟ ඩිජිටල් අවකාශය හරහා ආදරවන්තයින්ගේ දිනය සමරන්න

10 February 2021
in ව්‍යාපාර

ශ්‍රී ලංකාව පමණක් නොව, ලොව පුරා කොවිඩ් 19 වසංගතය පැතිර යාම හේතුවෙන් මෙවර ආදරවන්තයින්ගේ දින සැමරුම් පවා ඩිජිටල් අවකාශය තුළ සිදුකිරීමට හේතු වී ඇති පසුබිමක, වයිබර් පරිශීලකයින්ගේ සැබෑ ආදර හැඟුම් පුබුදු කරවීම සඳහා සඳහා විශේෂාංග කිහිපයක් හඳුන්වාදීමට රකුටෙන් වයිබර්, ක්‍රියා කර තිබේ.

ඒ අනුව ඉබේටම මැකී යන කෙටි පණිවුඩ, ක්‍යුපිඩ් බොට් (Cupid Bot), ස්ටිකර් සහ Gifs වැනි විශේෂාංග හඳුන්වා දී තිබේ.

නවතම ක්‍යුපිඩ් බොට් විශේෂාංගය හරහා තම ආදරවන්තයාට හෝ ආදරවන්තියට විද්‍යුත් සුබපැතුම් ලබාදීමටත්, මල්සරාගේ චරිතය රැගත් වීඩියෝ ක්‍රීඩා සෙල්ලම් කිරීමට මෙන්ම, ආදරය පිළිබඳ විනෝදජනක ප්‍රශ්නාවලියකට මුහුණ දීමේ අවස්ථාව ද උදා වී තිබේ. මේ සියල්ල හරහා ආදරවන්තයින්ගේ දිනයේදී ඔබේ ආදරය හා ළෙන්ගතුබව නැවුම් ලෙස ප්‍රකාශ කළ හැක.

ආදරවන්තයින්ගේ මාසයේදී ඔබට වයිබර් සමඟ කළ හැකි තවත් බොහෝ දෑ තිබේ. උදාහරණයක් ලෙස ඔබට ඔබේම GIF එකක් නිර්මාණය කර, වීඩියෝවක් වෙනුවට යැවිය හැක. එසේම, වයිබර්හි ඔබටම අනන්‍ය වන ලෙස නිර්මාණය වන GIF සහ ස්ටිකර් හරහා ඔබේ හැඟීම් ප්‍රකාශ කිරීමේ අවස්ථාව ද උදා වේ. චැට් සංවාදයක ගැලරි අයිකනය ස්පර්ශ කිරීමෙන් පසු මතුවෙන වීඩියෝ අතුරින් කැමති වීඩියෝවක් තෝරා එය GIF එකක් ලෙස නිර්මාණය කළ හැක. එහිදී ඔබේ වීඩියෝව කැමති පරිදි සංස්කරණය කර GIF අයිකනය ස්පර්ශ කිරීමෙන් පසු එය නිර්මාණය වනු ඇත. ඊට අමතරව හදවතේ හැඩයට නිර්මාණය කරන ඡායාරූප, GIF ආදිය ද ආදරවන්තයින්ගේ දිනය තුළ එකිනෙකා සමඟ හුවමාරු කරගත හැක. තව ද instant video අයිකනය හරහා ක්ෂණයකින් ඔබේ කුඩා වීඩියෝවක් ආදරවන්තයා හෝ ආදරවන්තිය වෙත යැවීමේ පහසුකම ද පවතී.

ඔබ දැනටමත් දන්නා පරිදි වයිබර් සියලු සංවාදවලදී සිය පරිශීලකයින්ට උපරිම ආරක්ෂාවක් පිරිනමයි. එම නිසා ආදරවන්ත දිනය වැනි හැඟීම්බර සන්නිවේදන කටයුතු සිදුකරන අවස්ථාවක වයිබර් මගින් හිමිවන්නේ විශාල සුරක්ෂිතතාවකි. එහිදී end-to-end encryption වැනි ඉතාමත් ආරක්ෂිත ක්‍රමවේද භාවිත කරන අතරතුර පවා ඉබේටම මැකී යන කෙටි පණිවුඩ (Disappearing Messages) පවා හඳුන්වා දී ඇත්තේ එම ආරක්ෂාව තවදුරටත් තහවුරු කිරීමේ අරමුණෙනි. එමෙන්ම ග්‍රාහකයා ඔබ යැවූ පණිවුඩයක ස්ක්‍රීන් ෂොට් එකක් ලබාගත් විටෙක ඒ බව පවා ඔබට දැන්වීමට තරම් වයිබර් තම පරිශීලකයින්ගේ ආරක්ෂාව පිළිබඳ සැළකිලිමත් ය.

තවදුරටත් ආරක්ෂාව අවැසි නම් වයිබර් හඳුන්වා දෙන Hidden Chats විශේෂාංගය සමඟින් තෝරාගත් ඇතැම් සංවාද සඳහා පිවිසීමට රහස් අංකයක් ද ඇතුළු කළ යුතු ආකාරයට ආරක්ෂාව දැඩි කරගත හැක.

ගෝලීය වසංගතය තවමත් අවසන් වී නොමැත. එහෙත් ඔබට ආදරණීයයන් සමඟ කාලය ගෙවීමට එය බාධාවක් කරගත යුතු නැත. ඔබේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරගන්නා අතරම ආදරණීයයන් සමඟ ආදරය බෙදා හදා ගන්න.

Rakuten Viber පිළිබඳව:

රකුටෙන් වයිබර් සමාගමේ අරමුණ වන්නේ පුද්ගල සම්බන්ධතා වැඩිදියුණු කිරීමයි. ලොව ඕනෑම තැනක සිටින ඕනෑම පුද්ගලයෙකුට වයිබර් සේවාව ලද හැකිය. මෙසේ ගෝලීය භාවිත කරන්නන් සියලුදෙනාට කෙටි පණිවුඩ, වීඩියෝ ඇමතුම්, කණ්ඩායම් අතර කෙටි පණිවුඩ, තමන් වඩාත් කැමැති වෙළෙඳ නාම සහ ප්‍රසිද්ධ පුද්ගලයින් සම්බන්ධ නවතම තොරතුරු ලබාගැනීම, සන්නිවේදනය කිරීම ආදී සේවාවන් රැසක් හිමිවේ. වයිබර් භාවිත කරන සියල්ලන් හටම ආරක්ෂාකාරී සහ නිදහස් වටපිටාවක තම හැඟීම් අන්‍යයන් හා බෙදාගත හැකි බව ද අපි සහතික කරන්නෙමු.

Rakuten Viber යනු ලොව ප්‍රධාන පෙළේ ඊ වානිජ්‍ය සහ මූල්‍ය සේවා සමාගමක් වන Rakuten Inc. සමාගමේ අනුබද්ධ ආයතනයකි. බාසිලෝනා පාපන්දු ක්‍රීඩා සමාජයේ නිල සන්නිවේදන සහකරු ද වන වයිබර් සමාගම, සුප්‍රකට අමෙරිකානු පැසිපන්දු කණ්ඩායමක් වන Golden State Warriors පිළේ calling app සහකරු ද වේ.

ඔබත් මෙතෙක් වයිබර් සමඟ එක් වී නොමැති නම් අදම වයිබර් ලෝකයට පිවිස ලොව උසස්ම සන්නිවේදන සේවා අත්දැකීම රිසි සේ විඳගන්න.

 

පිටපත – NGage Strategic Alliance

 

 

Post Views: 6
Previous Post

කොවිඩ් ආසාදිතයින්ගේ මරණ භුමදානයට අවසර දෙනවා – අගමැති

Next Post

බස්නාහිර පළාතේ සියලු පාසල් මාර්තු 15 ආරම්භ කරනවා – අධ්‍යාපන ඇමැති

editor

editor

Next Post

බස්නාහිර පළාතේ සියලු පාසල් මාර්තු 15 ආරම්භ කරනවා - අධ්‍යාපන ඇමැති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved