ලබන වසර තුළ යාපනය ඇතුළු තවත් නගර කිහිපයකට මෙට්‍රෝ බස් සේවාව ව්‍යාප්ත කිරීමට රජය සැලසුම් කර ඇති බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ.
නාගරික පොදු ප්‍රවාහනය නවීකරණය කිරීමේ වැඩසටහන දිවයිනේ තවත් ප්‍රදේශ වෙත ව්‍යාප්ත කිරීම රජයේ ඉලක්කය බව මන්ත්‍රීවරයෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කර ඇත. මීට අමතරව, දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩම්වල අනවසර පදිංචිකරුවන් සිටීම සම්බන්ධයෙන් සහ මාර්ග දෙපස ගස් සිටුවීමේ වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම පිළිබඳවද අමාත්‍යවරයා මෙහිදී කරුණු පැහැදිලි කර තිබේ.














