නීත්‍යානුකූල නොවන අන්දමින් විදෙස් රටවලින් මෙරටට ගෙන්වන ලද බලපත්‍ර නොමැති අධි බලැති යතුරුපැදි දෙකක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (16) අලුයම අතුරුගිරිය පොලිස් වසමට අයත් මිලේනියම් සිටි (Millennium City) නිවාස සංකීර්ණ ප්‍රදේශයේදී මධ්‍යම අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ විශේෂ වැටලීමකදී මෙම සැකකරු සහ යතුරුපැදි පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු අතුරුගිරිය ප්‍රදේශයේම පදිංචි 29 හැවිරිදි තරුණයෙකි. නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද හෝ මෙරටට හොර රහසේ ගෙන්වන ලද වාහන ජාවාරම් මැඩලීමේ පියවරක් ලෙස මෙම වැටලීම සිදුකර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.
















