ශ්‍රී ලංකාවේ සාමාන්‍ය අධ්‍යාපන පද්ධතිය ඩිජිටල්කරණය කිරීම සඳහා පිහිටුවන ලද කාර්ය සාධන බලකායේ මූල්‍ය ප්‍රතිපාදන මත දකුණු පළාතේ පාසල් 270ක් සඳහා සුහුරු පුවරු (Smart Boards) ලබා දීමේ විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ. මෙම සමස්ත ව්‍යාපෘතිය වෙනුවෙන් වැය කරන මුදල රුපියල් මිලියන 153කි.
මෙම මූල්‍ය ප්‍රතිපාදන යටතේ මාතර දිස්ත්‍රික්කයේ පාසල් 115ක්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාසල් 91ක් සහ ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් 64ක් වෙනුවෙන් මෙම සුහුරු පුවරු බෙදා දීමට කටයුතු යොදා ඇත.
ග්‍රාමීය සහ නාගරික පාසල් අතර පවතින අධ්‍යාපනික පහසුකම්වල පරතරය අවම කරමින්, දිවයිනේ සියලුම දරුවන්ට නවීන තාක්ෂණය මුසු වූ ගුණාත්මක අධ්‍යාපනයක් සමීප කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණයි. මෙය දකුණු පළාතේ ඩිජිටල් අධ්‍යාපන පදනම ශක්තිමත් කිරීමට තැබූ සුවිශේෂී පියවරක් ලෙස සැලකේ.
















