මධ්‍යම අධිවේගී මාර්ගයේ තෙවැනි කොටසේ දෙවැනි අදියර වන රඹුක්කන සිට ගලගෙදර දක්වා වූ කිලෝමීටර් 19ක මාර්ග කොටසේ ඉදිකිරීම් කටයුතු හෙට (29) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වේ. 2026 අයවැයෙන් රුපියල් මිලියන 20,000ක් වෙන් කර ඇති මෙම සමස්ත ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 112ක කැබිනට් අනුමැතිය හිමිව තිබේ. දේශීය කොන්ත්‍රාත්කරුවන් මඟින් පැකේජ 7ක් යටතේ ඉදිකරන මෙම කොටස 2027 මාර්තු වන විට නිම කර විවෘත කිරීමට අපේක්ෂිතය.
මේ අතර, චීන ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රශ්න හේතුවෙන් මඳක් ප්‍රමාද වූ කඩවත සිට මීරිගම දක්වා වූ කිලෝමීටර් 37.1ක කොටසේ වැඩකටයුතු 2028 වසරේදී නිම කිරීමට සැලසුම් කර ඇත. කුරුණෑගල සිට දඹුල්ල දක්වා වූ හතරවැනි අදියරේ ඉඩම් අත්පත් කරගැනීමේ කටයුතු ද මේ වන විට 73%කට වඩා අවසන් කර තිබේ. මෙම සමස්ත ව්‍යාපෘතිය නිමවීමෙන් පසු කොළඹ සිට කුරුණෑගල, දඹුල්ල සහ මහනුවර (ගලගෙදර) දක්වාම සෘජුවම අධිවේගී මාර්ගයෙන් ගමන් කිරීමේ හැකියාව ජනතාවට හිමිවනු ඇත.
















