කොළඹ වරායෙන් බහාලුම් 323ක් බාහිර පරීක්ෂාවකින් තොරව මුදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ රැස්වීම ඊයේ පැවැත්වීමට නියමිතව තිබුණ ද එය කල් ගොස් ඇති බව වාර්තා වේ. ඒ අනුව, එම විශේෂ කාරක සභා රැස්වීම ලබන සතියේ බදාදා දින පැවැත්වීමට නියමිතය.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා සභාපතිත්වය දරන මෙම කාරක සභාව වෙත, කන්ටේනර් සිද්ධිය සම්බන්ධයෙන් මුලින්ම විමර්ශන පැවැත්වූ ජනාධිපතිවරයා පත් කළ කමිටුවේ සාමාජිකයන් ද ඉදිරි දිනවලදී කැඳවීමට කටයුතු යොදා ඇත.















