27 April 2024
#සංවර්ධන

මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයට තරුණ ඡවය එක් කිරීමට මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ අවධානය

මැණික් හා ස්වර්ණාභරණ මධ්‍යම සංවිධානයේ ඉදිරි කටයුතු හා යෝජනා පිළිබඳ සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී (21) පැවැත්විණි.

මෙහිදී මැණික් හා ස්වර්ණාභරණ මධ්‍යම සංවිධානය විසින් මධ්‍යම පළාත සදහා මැණික් අලෙවි පොලක්, පැරණි බන්ධනාගාර ගොඩනැගිල්ල පරිශ්‍රයේ මැණික් අලෙවිකුටි ඇරඹිම සහ ‍ගෙවුඩ තාප පිරියම් කිරීමේ මධ්‍යස්ථානයක් ඉදිකරමින් තරුණ කොටස් මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය සදහාසම්බන්ධ කර ගැනිම සදහා යෝජනා ඉදිරිපත් විය.

මෙහිදී අදහස් දක්වමින් පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා පවසා සිටියේ රැකියා විරහිත තරුණ කොටස් මැණික් හා ස්වර්ණභාරණ නිෂ්පාදන ක්ෂේත්‍රයන් සදහා සම්බන්ධකරගැනීම කාලීනව ඉතා වැදගත් වන බවත්, එමෙන්ම දේශීය කර්මාන්ත ආරක්ෂා කර ගැනීම සදහා තරුණ ඡවය එකතු කර ගැනීම සදහා ක්‍රම‍උපායන් සකස් කිරීම ඉතාම වැදගත් වන බවත්ය.

මේ අවස්ථාව සදහා මැණික් හා ස්වර්ණාභරණ සංවිධානයේ සභාපති සෙනරත් බස්නායක, භාණ්ඩාගාරික ඩී.එස්.ඈපා සහ උපලේකම් එච්.ඒ.පී.එම්.ෂෆීක් යන මහත්වරුන් මෙන්ම ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න සහ ආණ්ඩුකාර සම්බන්ධීකරණ ලේකම් උපුල් මහින්දරත්න යන මහත්වරුන් ද සහභාගී වූහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *