27 April 2024
#දේශීය

අපි ජනාධිපතිව හදලා ඉවරයි – දුමින්ද කියයි

ගෝඨාභය මහත්තයාව මේ රටේ ජනාධිපති කෙරෙව්වේ වෙනස් රටක් අලුත් රටක් බලාපොරොත්තුවෙන් බවත් අපි ජනාධිපතිවරයා හදලා ඉවර බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ එප්පාවල, ඉහළවැව ප්‍රදේශයේ පැවති ජන හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, ” අපි කථා කරන්නේ අපිට ආණ්ඩුවක් හදලා දෙන්න කියලා, හැබැයි මේ පාර වෙනස්, අපි 2/3 ක බලයක් ඉල්ලනවා.අපි 2/3 ක බලයක් ඉල්ල‍න්නේ අපිට ශක්තිමත් ආණ්ඩුවක් හදලා මේ රට වෙනස් කරන්න, රට අලුත් කරන්න අපිට අවශ්‍යතාවක් තියෙන නිසා, ඒ අවශ්‍යතාව ඇති වෙන්නේ අද නෙවෙයි, අපි ගෝඨාභය මහත්තයාව මේ රටේ ජනාධිපති කෙරෙව්වේ වෙනස් රටක් අලුත් රටක් බලාපොරොත්තුවෙන්.හැබැයි අපි දන්නවා ජනාධිපතිතුමන්ට විතරක් මේක කරන්න පුලුවන්කමක් නෑ.ඒ නිසා තමයි අපි කියන්නේ අපි ජනාධිපතිවරයා හදලා ඉවරයි. දැන් තියෙන්නේ 2/3 ක බලයක් එක්ක පාරලිමේන්තුව හදලා ඉතුරු වැඩ ටික කරන්න එතුමාට හයිය දෙන වෙලාවක්.එහෙම නම් මේ වෙලාවේ අපි හැමෝම එකතු වෙන්න ඕනකම තියෙනවා.

පහුගිය කාළයේ සමහර විට ඈත් වෙලා වෙන් වෙලා හිටපු අය, පැත්තකට වෙලා හිටපු කට්ටිය,කම්මැලිකමට හිටපු කට්ටිය නැවත වතාවක් හැමෝම එක පොදියට, එක රොත්තට අපි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එක්ක, අපේ රට ශක්තිමත් කරන්න ඕන, රට දිනවන්න ඕන කියලා හැමෝම අත්වැල් බැඳ ගෙන ඉන්නවා.

Leave a comment

Your email address will not be published. Required fields are marked *