• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මධ්‍යම පළාතේ කොවිඩ් පාලනය සතුටුදායකයි –  මධ්‍යම ආණ්ඩුකාරවරයා පළාත් කොවිඩ් කමිටුවේදී කියයි

28 August 2021
in දේශීය

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මධ්‍යම පළාතේ කොවිඩ් පාලනය සම්බන්ධයෙන් සතුටුදායක තත්වයක් ප්‍රකාශ කිරීමක් සිදු කළ ඇති බවත්, එලෙස යහපත් මට්ටමකට මධ්‍යම පළාතට පත්වීමට හැකියාව සැලසුනේ සෞඛ්‍ය, ආරක්ෂක අංශ සහ දේශපාලන නායකත්වය නිවැරදි සම්බන්ධීකරණයෙන් සැලසුම් සහගතව කටයුතු කිරීමත්, එම අංශ වල දැඩි කැපවීමත් නිසා බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ මාර්ගගත (ඔන්ලයින්) ක්‍රමවේදය ඔස්සේ පැවති මධ්‍යම පළාත් කොවිඩ් මෙහෙයුම් කමිටුවේදී (28) සිය අදහස් දක්වමිනි.

එහදී මාතලේ දිස්ත්‍රිකය තුළ එන්නත්කරණ ක්‍රියාවලිය 95%ට ආසන්න සංඛ්‍යාවක් පමණ දෙවන එන්නත ලබා දීමට හැකියාව ලැබී ඇති බවත් එය විශාල ජයග්‍රහණයක් බවත් සාකච්ඡාවට ලක් කෙරිණි.

මෙම කමිටුවේදී ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ ස්පුට්නික් වී එන්නත් මේ වන විට 15 000 කට ආසන්න ප්‍රමාණයක් ලැබී ඇති බවත් පළමු මාත්‍රාව ලබා ගත් සෞඛ්‍ය කොට්ඨාශ වල අයගෙන් මුලින්ම එන්නත්කරණය සිදුකළ අය සදහා දෙවන එන්නත් මාත්‍රා ලබාදීමේදී වයස 60 වැඩි අය සදහා ප්‍රමූඛතාවය ලබාදුන් බවත්ය.

ඉතිරිවී ඇති එන්නත් ප්‍රමාණය ඒ අනුව මහයියාව හා පුර්ණවත්ත ප්‍රදේශයන්හී වයස අවුරුදු 60ට වැඩි අය සදහා එන්නත්කරණය සිදුකිරීමටත් වෛරසවේදි විශේෂඥයින් නිර්දේශ මත සකසා ඇති ක්‍රමවේදය අනුව ඉදිරියේදී ලැබීමට නියමිත ස්පුට්නික් එන්නත් ලබා දීමටත් තීරණය වූ බවත්,එන්නත්කරණ මධ්‍යස්ථාන වෙත පැමිණීමේ අපහසුතාව ඇති වැඩිහිටි, රෝගී තත්ත්වයට පත් අය සදහා ආරක්ෂක අංශ මඟින් ජංගම එන්නත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවත් මේවන විට එය ඉතා සාර්ථකව බවත් ඒ මහතා සදහන් කළේය.

තවද ස්පුට්නික් එන්නත පළමු මාත්‍රාව ලබා මාස 6ක කාලයක් තුළ දෙවන මාත්‍රාව ලබා ගැනීම සදහා නිර්දේශිත බවද ඒ නිසා ස්පුට්නික් එන්නත සම්බන්ධ අනියත බියක් ඇති කරගත යුතු නොවන බවද කමිටුව වෙත වයිරසවේදී විශේශඥයින් පෙන්වා දෙන ලදී.

මෙම අවස්ථාවේදී පවතින කොවිඩ් වසංගත තත්වය හමුවේ මහජනතාවගේ වගකීම සම්බන්ධයෙන් ද අදහස් පළකරමින් එම මහතා සදහන් කර සිටියේ, සෑම පුද්ගලයෙක්ම සෞඛ්‍ය අංශ විසින් ලබාදෙන උපදෙස් ඒකාරයෙන්ම පිළිපැදීම සිදුකළ යුතුව පවතින බවයි.

මෙම මාර්ගගත රැස්වීම සදහා මාතලේ , මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රීක්කයන්හී කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන්,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීන් , මධ්‍යම පළාත් යුද හමුදා ආඥාපති වරයා ඇතුළු ආරක්ෂක නිලධාරින් පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ඇතුළු සෞඛ්‍ය අංශ ප්‍රධානින් සහ පළාත් සහ දිස්ත්‍රික් වසංගත විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු කමිටු සාමාජිකයන් සහභාගී විය.

 

මාතලේ – මහේෂ් කිර්තිරත්න

Post Views: 14
Previous Post

ජාතික ක්‍රිස්තියානි ධර්මදාන සංගමයෙන් වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්

Next Post

හදුනා නොගත් මළසිරුරක් – මනුෂ්‍ය ඝාතනයක් බවට සැකයක්

editor

editor

Next Post

හදුනා නොගත් මළසිරුරක් - මනුෂ්‍ය ඝාතනයක් බවට සැකයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved