• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ සේවාවන් රටේ දුෂ්කර පළාත්වලටත් ව්‍යාප්ත කරනවා – රාජ්‍ය අමාත්‍ය සීතා 

19 August 2020
in දේශීය

ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ සේවාවන් රටේ දුෂ්කර පළාත්වලටත් ව්‍යාප්ත කරන බව නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය පැවසුවාය.

ඇය මේ බව පැවසුවේ ඊයේ දින (18) රත්මලාන පිහිටි ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමිනි.

එහිදී ඇය කියා සිටියේ මෙම ආයතනයේ පුහුණුව ලබන සිසුන්ගේ වෘත්තීය පුහුණුව ගුණාත්මක ලෙස ඉහල නැංවීමට අදාල වන ගැටළු පිළිබඳව මෙන්ම ආයතනික ගැටළු පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින් බවයි. එසේම මෙබඳු ආයතන දුෂ්කර පළාත්වලටද ව්‍යාප්ත කිරීමේ වැදගත් බව ද ඇය පෙන්වා දුන්නාය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය මෙසේ ද, ප්‍රකාශ කළාය.

“නිපුණතා සංවර්ධනට සහ වෘත්තීය පුහුණුවට අදාල පැහැදිලි ඉලක්ක කීපයක් අපට ලබා දී තිබෙනවා. එහි දී වැඩි අවධානයක් මෙම ආයතනයට යොමු වී තිබෙනවා. එම ඉලක්ක අප සපුරාගත යුතුයි. ඒ නිසා රටේ දුෂ්කර ප්‍රදේශ වලටත් මෙම ආයතනය ව්‍යාප්ත කළ කරනවා. විශේෂයෙන් මෙම ආයතනයට ඇති ඉල්ලුම වැඩි කළ යුතුයි. ඒ සඳහා පාසල් අධ්‍යපනයෙන් බැහැර වන නිපුණතාවක් නොමැතිව සමාජගත වන තරුණ පිරිස ආකර්ෂණය කර ගැනීමට අවධානය යොමු කළ යුතුයි.”

රටේ විවිධ පළාත්වලට ගැළපෙන ආකාරයෙන්, ප්‍රාදේශීය විෂමතාවයන් හඳුනාගනිමින් කටයුතු කළ යුතු ආකාරයත්, ඇතැම් ප්‍රතිපත්තීන් එයට ගැළපෙන ආකාරයෙන් සංශෝධනය කොට ප්‍රායෝගිකව යොදා ගැනීමට ඇති හැකියාවන් පිළිබඳවත් සොයාබලා කඩිනම් වාර්තාවක් තමන්ට ලබාදෙන ලෙසත් අමාත්‍යවරිය අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නාය.

 

Post Views: 9
Previous Post

විදුලි අර්බුදය මෙම සති අන්තය වන විට විසඳෙයි.

Next Post

නව වන පාර්ලිමේන්තුවේ රැස්වෙයි

editor

editor

Next Post

නව වන පාර්ලිමේන්තුවේ රැස්වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved