අල්ලස් ලබා ගැනීමේ සිද්ධීන් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඉදිරිපත් කළ පැමිණිලි හතරකට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් දසනායක සහ ඔහුගේ ලේකම්වරයා ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්රාත් අධිකරණය නියෝග කර තිබේ.
අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ සැකකරුවන්ගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කර ඇත.
ඒ අනුව, එක් එක් නඩුව සඳහා එක් සැකකරුවෙකුට රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්රාත්වරයා, සැකකරුවන්ගේ විදේශ ගමන් ද තහනම් කර තිබේ. අදාළ නඩු ජනවාරි 26 වැනිදා යළි කැඳවීමට නියමිතය.
මේ අතර, පොස්පේට් අපනයනය සඳහා අවශ්ය බලපත්ර ලබාදීම වෙනුවෙන් පෞද්ගලික සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 81ක අල්ලස් ලබාගැනීම සහ ඊට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් චාමර සම්පත් දසනායක මන්ත්රීවරයා සහ ඔහුගේ ලේකම්වරයා ඉදිරිපත් කළ ඇප ඉල්ලීම අද (23) ප්රතික්ෂේප කර තිබේ. ඒ අනුව, ඔවුන් නොවැම්බර් 6 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර ඇත.













