මත්ද්රව්ය සැපයුම අඩාල කිරීම, මත්ද්රව්ය සඳහා ඇති ඉල්ලුම අවම කිරීම සහ මත්ද්රව්ය ජාවාරම මැඩපැවැත්වීම අරමුණු කරගත් “රටම එකට” ජාතික මෙහෙයුම යටතේ 2026 ඔක්තෝබර් 22 වැනිදා දිවයින පුරා වැටලීම් ක්රියාත්මක කර තිබේ.
පොලිස්පතිවරයාගේ උපදෙස් මත ශ්රී ලංකා පොලිසිය ක්රියාත්මක කරන මෙම මෙහෙයුමේ දෛනික වාර්තාවට අනුව, එදින සිදුකළ වැටලීම්වලදී සැකකරුවන් 682 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. නීතිවිරෝධී වත්කම් සම්බන්ධයෙන් සැකකරුවන් 08 දෙනෙකු පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇති අතර, සැකකරුවන් 03 දෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගෙන තිබේ.
එදින සිදුකළ වැටලීම්වලදී හෙරොයින් ග්රෑම් 437ක්, අයිස් මත්ද්රව්ය ග්රෑම් 715ක් සහ මිලිග්රෑම් 219ක්, කොකේන් මිලිග්රෑම් 150ක් සහ ගංජා කිලෝග්රෑම් 16කට අධික ප්රමාණයක් පොලිස් භාරයට ගෙන ඇත.
එමෙන්ම ගංජා පැළ 7,368ක්, මත්පෙති 8,532ක්, මදනමෝදක සහ මාවා ඇතුළු අනෙකුත් මත්ද්රව්ය ද අත්අඩංගුවට ගත් ද්රව්ය අතරට ඇතුළත් වේ.
මත්ද්රව්ය ජාවාරම මැඩපැවැත්වීමට අමතරව, මත්ද්රව්යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීම, මත්ද්රව්ය දුර්භාවිතය වැළැක්වීමේ වැඩසටහන් ක්රියාත්මක කිරීම සහ ඒ සඳහා ප්රජාව බලගැන්වීම ද “රටම එකට” ජාතික මෙහෙයුමේ අරමුණු අතර වේ.













