මැදපෙරදිග කලාපයේ උත්සන්න වෙමින් පවතින හමුදාමය තත්ත්වය හමුවේ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල යළිත් ශීඝ්රයෙන් ඉහළ ගොස් තිබේ.
විදෙස් මාධ්ය වාර්තා කරන පරිදි, යේමනයේ හූති කැරලිකරුවන් එල්ල කළ ප්රහාර හමුවේ සෞදි ඇරැම්කෝ (Saudi Aramco) සමාගමේ ධහ්රාන්හි පිහිටි ප්රධාන මූලස්ථානයෙන් සේවකයන් ඉවත් කිරීමට සිදුවීමත්, හෝමුස් සමුද්ර සන්ධිය ආසන්නයේ ගමන් කරන නෞකා වෙත ප්රහාර එල්ල කළ බවට ඉරානය ප්රකාශ කිරීමත් තෙල් මිල ඉහළ යාමට බලපා තිබේ.
ඒ අනුව, බ්රෙන්ට් (Brent) වර්ගයේ බොරතෙල් බැරලයක මිල මැයි 5 වැනිදායින් පසු වාර්තා වූ ඉහළම මට්ටමට ළඟා වෙමින් ඇමෙරිකානු ඩොලර් 115 සීමාවට ආසන්න වී ඇත.
එමෙන්ම, වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියේට් (WTI) වර්ගයේ බොරතෙල් බැරලයක මිල ද යළිත් ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් තිබේ.
කලාපයේ ආරක්ෂක තත්ත්වය තවදුරටත් සංකීර්ණ වුවහොත් ඉදිරි දිනවලදී ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල තවදුරටත් උච්චාවචනය විය හැකි බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.












