ඉදිරියේදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගී වූ අවසාන ජාත්‍යන්තර තරගාවලියේදී ක්‍රීඩිකාවන් දැක්වූ දක්ෂතා පිළිබඳව තමන් බෙහෙවින් සතුටු වන බව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු පවසයි.
විශේෂයෙන්ම ප්‍රබල කණ්ඩායම් හමුවේ පසුගිය කාලසීමාව පුරා ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත් ජයග්‍රහණ සහ ක්‍රීඩිකාවන් අතර පවතින ඉහළ මානසික මට්ටම ලෝක කුසලානයට ශක්තිමත් ලෙස අවතීර්ණ වීමට මහඟු පිටුවහලක් වන බව ඇය පෙන්වා දෙයි. කණ්ඩායමක් ලෙස පන්දු යැවීම, පන්දු රැකීම මෙන්ම පිතිකරණය යන අංශ තුනෙන්ම ක්‍රීඩිකාවන් වගකීම් සහගතව ක්‍රීඩා කළ ආකාරය ඇයගේ ඇගයීමට ලක්විය.
ලෝක කුසලානය වැනි දැවැන්ත තරගාවලියකට පෙර මෙවැනි ජයග්‍රාහී මානසිකත්වයක පසුවීම කණ්ඩායමේ ඉදිරි ගමනට ඉතා වැදගත් බවත්, එම ජවය ලෝක කුසලාන පිටියට ද රැගෙන යාම තමන්ගේ අරමුණ බවත් නායිකාව වැඩිදුරටත් අවධාරණය කළාය.














