තමන් ජනාධිපති ධුරය දරන සමයේ සිය නිල වෙබ් අඩවියට හැකර් ප්‍රහාරයක් එල්ල කළ පාසල් සිසුවා පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කාලයකට පසු විශේෂ හෙළිදරව්වක් සිදු කර තිබේ.
එම සිදුවීම සිහිපත් කරමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ, අදාළ සිසුවා සහ ඔහුගේ මව්පියන් එදා තමන් හමුවීමට පැමිණියේ දැඩි බියකින් යුතුව බවයි. කෙසේ වෙතත්, එම සිසුවා සතු වූ සුවිශේෂී තාක්ෂණික දක්ෂතාවය හඳුනාගත් තමන්, ඔහුට දඬුවම් කරනවා වෙනුවට නිසි මගපෙන්වීමක් ලබාදීමට පියවර ගත් බව ඔහු පෙන්වා දුන්නේය.
එදා එම සිදුවීමෙන් පසු තමන් ලබාදුන් අවස්ථාව සහ මගපෙන්වීම මත අදාළ සිසුවා සිය දක්ෂතා දියුණු කරගත් බවත්, අද වන විට ඔහු තාක්ෂණික ක්ෂේත්‍රයේ ජයග්‍රහණ රැසක් අත්කරගත් කෝටිපති ව්‍යාපාරිකයෙකු බවට පත්ව සිටින බවත් හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් අනාවරණය කළේය. දක්ෂතාවලින් පිරි තරුණ පරපුරට නිසි අතහිත දීමෙන් රටට ලබාගත හැකි ප්‍රයෝජනය පිළිබඳව උදාහරණයක් ලෙස ඔහු මෙම පුවත සිහිපත් කර ඇත.














