ශ්රී ලංකා ආණ්ඩුක්රම ව්යවස්ථාවට අනුව බුදු දහම ආරක්ෂා කිරීමත්, රාජ්ය නායකයා මහා සංඝරත්නයේ අනුශාසනා ලබා ගනිමින් කටයුතු කිරීමත් රටේ පවතින සම්ප්රදාය බව හිටපු පාර්ලිමේන්තු මන්ත්රී චන්දිම වීරක්කොඩි මහතා පවසයි.
සමගි ජන බලවේග ප්රධාන කාර්යාලයේ පැවති මාධ්ය හමුවකට සහභාගි වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු මන්ත්රීවරයා සඳහන් කළේ, බුදු දහමට මුල්තැන ලබා දෙමින් අනෙකුත් ආගම්වලටද ගෞරවය ලබා දෙන පරිසරයක් නිර්මාණය කිරීම රජයේ වගකීමක් වන අතර, වර්තමාන රජය බුදු දහමට සහ මහා සංඝරත්නයට දක්වන සැලකිල්ල සම්බන්ධයෙන් බහුතර ජනතාව කනස්සල්ලට පත්ව සිටින බවයි. මෛත්රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ සමයේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබා දීමට ගත් උත්සාහය ද ඔහු මෙහිදී සිහිපත් කළේය.













