යුක්රේන අගනුවර වන කියව්හි ඩාර්නිට්ස්කි (Darnytskyi) දිස්ත්රික්කයේ මහල් 25කින් යුත් නේවාසික ගොඩනැගිල්ලකට රුසියානු හමුදා විසින් එල්ල කරන ලද ඩ්රෝන ප්රහාරයකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 7 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව බලධාරීන් පවසයි.
අගනුවර අභ්යන්තර මාවත් සහ ගොඩනැගිලි ඉලක්ක කර ගනිමින් මෙම ප්රහාරය එල්ල වී ඇති අතර, ගොඩනැගිල්ලේ මහල් කිහිපයකට දැඩි හානි සිදුවීම හේතුවෙන් හදිසි ගිනි නිවන සහ මෙහෙයුම් අංශ වහාම ක්රියාත්මක වී ඇත. ප්රහාරය නිසා ගොඩනැගිලි පරිශ්රය අසල නවතා තිබූ වාහන කිහිපයක් ද ගිනිගෙන විනාශ වී ඇති අතර, තුවාල ලැබූවන් රෝහල්ගත කර ප්රතිකාර ලබාදීමට පියවර ගෙන තිබේ. යුක්රේන නගර ඉලක්ක කර ගනිමින් රුසියාව අඛණ්ඩව ගුවන් ප්රහාර දියත් කරමින් සිටින බව වාර්තා වේ.
















