සාම පාගමනක් සඳහා ඇමරිකාවේ සිට වැඩම කර සිටින පඤ්ඤාකර හිමි ඇතුළු මහා සංඝරත්නය උදෙසා හීල් දානය පූජා කිරීමේ පින්කමක් අත්තනගල්ල රජමහා විහාරයේදී පවත්වා ඇති අතර, ඒ සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ද සහභාගී වී තිබේ.
ලෝක සාමයේ වැදගත්කම අවධාරණය කරමින් සිදු කෙරෙන මෙම වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් හිටපු ජනාධිපතිනිය සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබා ඇත. එහිදී ඇය පෙන්වා දෙන්නේ වාර්ගික, ආගමික, කුල හෝ පන්ති වශයෙන් වෛරය පතුරුවනු වෙනුවට සාමය සහ මෛත්‍රිය අගය කළ බුදුදහමේ අකාලික දර්ශනය පිළිබඳව වර්තමානයේ ගැඹුරින් සිතා බැලිය යුතු බවයි.
සාමය සහ සහජීවනය වෙනුවෙන් පෙනී සිටින පඤ්ඤාකර හිමියන්ගේ මෙම ආගමික මෙහෙවර අගය කරමින් පවත්වන ලද මෙම දානමය පින්කමට ප්‍රදේශයේ සැදැහැවතුන් පිරිසක් ද එක්ව සිටියහ.













