චීනයේ පිරිපහදු කළ ඉන්ධන නිෂ්පාදන අපනයනය සැලකිය යුතු ලෙස වර්ධනය වෙමින් පවතින බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. ජූනි මාසයට සාපේක්ෂව පසුගිය ජූලි මාසයේදී එරට තෙල් අපනයනය 6.7%ක වර්ධනයක් අත්කර ගෙන තිබේ.
ලොව විශාලතම බලශක්ති ආනයනකරු වන චීනය, ඩීසල්, පෙට්‍රල්, ගුවන්යානා ඉන්ධන සහ කාර්මික ක්ෂේත්‍රයට අවශ්‍ය ඉන්ධන අපනයනය තුළින් මෙම වර්ධනය පෙන්නුම් කර ඇත. මැදපෙරදිග යුද ගැටුම් මත පනවන ලද අපනයන සීමා ලිහිල් කිරීම හේතුවෙන් චීන තෙල් පිරිපහදු සමාගම්වලට වැඩි ඉන්ධන ප්‍රමාණයක් අපනයනය කිරීමට අවස්ථාව ලැබී ඇති බව රොයිටර් පුවත් සේවය වැඩිදුරටත් සඳහන් කරයි. එරට නිල දත්ත මඟින් පෙන්නුම් කර ඇත්තේ චීනය පසුගිය ජූලි මාසයේදී තෙල් මෙට්‍රික් ටොන් 53.11ක් පිරිපහදු කර ඇති අතර, එරට දෛනික තෙල් පිරිපහදුව බැරල් මිලියන 12.5ක් වූ බවයි.
ඉරාන යුද්ධයත් සමඟ එරට හමුදාව හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීමෙන් පසු සිය දේශීය වෙළෙඳපොළ ආරක්ෂා කරගැනීම සඳහා පසුගිය මාර්තු මාසයේ සිට සිය තෙල් අපනයනය දැඩි ලෙස සීමා කර තිබූ අතර, පසුව ජූලි මාසයේ සිට නැවතත් එම සීමාවන් ලිහිල් කිරීමට චීන රජය පියවර ගෙන ඇත.














