අබුඩාබි හි ඔටුන්න හිමි කාලිඩ් බින් මොහොමඩ් බින් සයීඩ් කුමරුගේ බීජිං සංචාරය උණුසුම් මුහුණුවරක් ගත්තේ චීනය සිය සාම්ප්‍රදායික රාජ්‍යතාන්ත්‍රික මූලධර්ම පසෙක ලා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට දැඩි ලෙස දොස් පැවරීමත් සමඟය. චීනය සහ ඉරානය අතර පවතින ඓතිහාසික සබඳතාවලට තිත තබන්නේ නම් චීනය සමඟ අතිවිශාල ආර්ථික ගනුදෙනුවලට එළඹෙන බවට අබුඩාබි පාලනය කළ යෝජනාව චීනය විසින් සෘජුවම සහ දැඩි ස්වරූපයෙන් ප්‍රතික්ෂේප කර තිබේ.
මෙම හමුවේදී චීන බලධාරීන් අබුඩාබි කුමරුට ප්‍රකාශ කර ඇත්තේ චීනයේ මිත්‍රත්වයට සීමා පවතින බවත්, ඉරානය සමඟ පවතින උපායමාර්ගික සහයෝගිතාවට ඇඟිලි ගැසීමට කිසිදු රටකට අවසර නොදෙන බවත්ය. “අපගේ මිත්‍ර පාර්ශවයන් කවුරුන්ද යන්න තීරණය කරන්නේ අප විසින්මයි” යනුවෙන් පවසමින් චීනය එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ලබා දුන් මෙම දෝෂාරෝපණය මැදපෙරදිග කලාපය තුළ චීනයේ ස්ථාවරය කෙතරම් දැඩි ද යන්න ලොවටම විදහා පෑවේය.
මෙම සිදුවීමත් සමඟ මැදපෙරදිග කලාපීය බල අරගලය නව මානයකට ගමන් කර ඇති අතර චීනය සහ ඉරානය අතර පවතින බිඳිය නොහැකි සබඳතාවය හමුවේ අරාබි රටවල් සහ ඇමෙරිකානු සන්ධානය දැඩි අර්බුදයකට ලක්ව තිබේ. හෝමුස් සමුද්‍ර සන්ධියේ පාලනය සහ බලශක්ති සැපයුම සම්බන්ධයෙන් චීනය කිසිදු තර්ජනයකට හෝ අල්ලසකට යටත් නොවන බව මෙම සිදුවීමෙන් මනාව පැහැදිලි වන බව දේශපාලන විචාරකයෝ පවසති.
තොරතුරු උපුටා ගැනීම: gulfnews ඇසුරින්














