අලුත් අවුරුදු නිවාඩුව වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාව හේතුවෙන් අප්‍රේල් 10 වනදා සිට 13 වනදා දක්වා වූ දින 4 තුළ වාහන 520,403ක් අධිවේගී මාර්ග භාවිතා කර ඇති බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු හා කළමනාකරණ අංශය පවසයි. එම කාලය තුළ රුපියල් 196,119,425ක ආදායමක් උපයා ඇති අතර, වැඩිම ආදායම වාර්තා වී ඇත්තේ අප්‍රේල් 10 වනදාය. එදින වාහන 161,847ක් ධාවනය වී ඇති අතර ඉන් රුපියල් පන් කෝටි අනූ අට ලක්ෂයකට අධික මුදලක් හිමිවූ බව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආර්. ඒ. ඩී. කහටපිටිය මහතා සඳහන් කළේය.














