තායිලන්තය සහ කාම්බෝජය අතර පවතින දේශසීමා අර්බුදය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගන්නා ලෙසත්, දෙරටේම ජනතාවගේ සහ කලාපයේ සාමය උදෙසා කටයුතු කරන ලෙසත් චීන රජය දෙපාර්ශ්වයෙන්ම ඉල්ලීමක් කර තිබේ.
පසුගිය වසරේ මැද භාගයේ දෙරට අතර සිදුවූ දේශසීමා ගැටුම් සටන් විරාමයකින් නිමාවට පත්වුවද, ස්ථිර සාකච්ඡා මාර්ගික විසඳුමකට එළඹ නොසිටීම සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යාංශය සිය කනගාටුව පළ කර ඇත. තායිලන්තය සහ කාම්බෝජය යන දෙරටම සිය මිත්‍රශීලී අසල්වාසීන් බව පෙන්වා දෙන චීනය, අන්‍යෝන්‍ය විශ්වාසය පවත්වා ගනිමින් ඉවසීමෙන් යුතුව මතභේද කළමනාකරණය කරගැනීම කලාපයේ දිගුකාලීන ස්ථාවරත්වයට හේතුවනු ඇති බව වැඩිදුරටත් අවධාරණය කරයි.
















