රුපියල් හැත්තෑ හත්ලක්ෂ හතළිස් දහසක් (7,740,000) වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් කටුනායක ගුවන් තොටුපළේ ‘හරිත මාවත’ ඔස්සේ රැගෙන යාමට තැත් කළ චීන ජාතික ව්‍යාපාරික කාන්තාවන් දෙදෙනෙකු ගුවන් තොටුපළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අවුරුදු 30 සහ 35 හැදිවිරිදි වියේ පසුවන මෙම සැකකාරියන් චීනයේ සිට මැලේසියාව හරහා මැලේසියානු ගුවන් සේවයට අයත් යානයකින් කටුනායකට පැමිණ ඇති අතර, ඔවුන් රැගෙන ආ ගමන් මලු හතරක් තුළ තිබී චීනයේ නිෂ්පාදිත දුම්වැටි 51,600 ක් (කාටූන් 258 ක්) රේගු භාරයට ගෙන ඇත. කටුනායක ගුවන් තොටුපළ රේගු නිලධාරීන් විසින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
















