නුවරඑළිය ග්‍රෙගරි වැව ආශ්‍රිතව මතුව ඇති ජල දූෂණ තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා පරිසර නියෝජ්‍ය ඇමැති ඇන්ටන් ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ නිරීක්ෂණ චාරිකාවක් සහ ඒකාබද්ධ සාකච්ඡාවක් පවත්වන ලදී.
මෙහිදී නාවික හමුදාව, මධ්‍යම පරිසර අධිකාරිය සහ මහ නගර සභාව ඇතුළු පාර්ශ්වයන්ගේ සහභාගීත්වයෙන් කළමනාකරණ කමිටුවක් පත් කර ඇති අතර, ස්වාභාවිකව අපජලය පිරිපහදු වන පොකුණු 13 ක පද්ධතිය නැවත සක්‍රිය කිරීමටත්, ජලයේ දුර්ගන්ධය සහ රසායනික සාන්ද්‍රණයන් අවම කිරීම සඳහා කෙටිකාලීන හා දිගුකාලීන විසඳුම් කඩිනමින් ක්‍රියාත්මක කිරීමටත් තීරණය කර තිබේ.
















