හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) අද (24) ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.
අද පෙරවරුවේ කොළඹ පිහිටි ඔවුන්ගේ පෞද්ගලික නිවස වෙත පැමිණි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම ප්‍රකාශය සටහන් කරගෙන ඇත. මහාචාර්යවරියගෙන් මෙලෙස ප්‍රකාශයක් සටහන් කරගනු ලැබුවේ කුමන විමර්ශනයකට අදාළව ද යන්න පිළිබඳව මෙතෙක් නිල වශයෙන් කරුණු අනාවරණය වී නොමැත.














