වාද්දුව ප්‍රදේශයේදී ‘සාගරිකා’ දුම්රිය පීලි පැනීම හේතුවෙන් පීඩාවට පත් මගීන් සඳහා කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට විශේෂ ලංගම බස් රථ සේවාවක් ක්‍රියාත්මක කරන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති සංජීව කනකරත්න මහතා පවසයි.
පස්වරු 04:45 ට – බෙලිඅත්ත, මාතර සහ ගාල්ල දක්වා බස් රථ 03ක්.
පස්වරු 05:00 ට – අම්බලන්ගොඩ සහ හික්කඩුව දක්වා බස් රථ 02ක්.
පස්වරු 06:15 ට – ගාල්ල දක්වා බස් රථ 03ක්.
මෙම බස් රථ සේවාව සම්පූර්ණයෙන්ම දුම්රිය මගීන් සඳහා පමණක් වෙන් කර ඇත. එබැවින් මෙම බස් රථවල ගමන් කිරීම සඳහා දුම්රිය වාර ප්‍රවේශපත්‍රයක් (Season Ticket) හෝ වලංගු දුම්රිය ප්‍රවේශපත්‍රයක් තිබීම අනිවාර්ය වේ.
මගීන්ගෙන් අමතර කිසිදු මුදලක් අය නොකරන අතර මෙම බස් රථ මාර්ගය මධ්‍යයේදී නතර කර වෙනත් මගීන් නංවා නොගන්නා බව ද සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.














