ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් නව ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අද (24) ප්‍රකාශ කළාය.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2027 වසරේ සිට 6 ශ්‍රේණිය සඳහා ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. මීට අමතරව, මෙරට පිරිවෙන් අධ්‍යාපනය සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය මූලික කටයුතු ද මේ වන විට ආරම්භ කර ඇති බව ඇය සඳහන් කළාය.
මහනුවරදී පැවැත්වෙන ලෝක සාම පාගමනට එක්වීමෙන් අනතුරුව මල්වතු මහනාහිමියන් බැහැදැකීමෙන් පසු ඇය මාධ්‍ය වෙත අදහස් දැක්වූවාය. ජාත්‍යන්තරයේ අවධානය දිනාගත් මෙවැනි සාම පාගමනක් ශ්‍රී ලංකාවේ පැවැත්වීම පිළිබඳව සිය සතුට පළ කළ අග්‍රාමාත්‍යවරිය, ලෝක සාමය වෙනුවෙන් පෙනී සිටීම සැමගේ වගකීමක් බව ද අවධාරණය කළාය.














