27 April 2024
#දේශීය

මස් කඩයක් නිසා නගර සභාවට කෝටි අටක පාඩුවක් – නියෝජ්‍ය නගරාධිපති

මාතලේ මහනගර සභාවට අයත් ගොංගාවල අංක 33 ගව මස් කඩ ටෙන්ඩරය හේතුවෙන් මාතලේ මහ නගර සභාවට වාර්ෂිකව රුපියල් කෝටි අටක මුදලක අගතියක් සිදුව ඇති බව මාතලේ මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති අමිල නිරෝෂන මහතා පවසයි.

නියෝජ්‍ය නගරාධිපතිවරයා කියා සිටියේ නාගරික ගණකාධිකාරිවරයාගේ ක්‍රියා කලපයක් හේතුවෙන් මෙය සිදුව ඇති බවත් මේ සම්බන්ධයෙන් වහාම පරික්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතාගෙන් ලිඛිතව ඉල්ලා සිටි බවය.

මෙම ගව මස් කඩය අසාදු ලේඛන ගත අයෙකුට ටෙන්ඩර් පත්‍රිකාවක් නිකුත් කර ඇත්තේ කෙසේද යන්න පිළිබදව පරික්ෂණ පවත්වන ලෙස තමන් ඉල්ලා සිටි බවද හෙතෙම පැවසිය.

මෙම මස්කඩය සදහා අයෙකු විසින් රුපියල් ලක්ෂ 87ක ලන්සුවක් තබමින් ටෙන්ඩරය ඉදිරිපත් කර ඇති බවත් අනතුරුව මුදල් නොමැති බව පවසමින් ටෙන්ඩරය බාර ගැනිම ප්‍රතික්ෂේප වි ඇති බවත් එහෙත් මේ වන විට රුපියල් 1798100ක පමණක් ගෙවමින් මස් කඩය පවත්වාගෙන යන බවද නියෝජ්‍ය නගරාධිපතිවරයා කියයි.

මෙම මස් කඩය සම්බන්ධයෙන් ඇගයිම් කමිටුවේ සභාපතිවරයා ලෙසට ගෙන ඇති මෙම ක්‍රියාවලිය පිළිබදව පුර්ණ පරික්ෂණයක් සිදු කරන ලෙසත් මේ සම්බන්ධයෙන් අදාළ කටයුතු සිදු කරන ලෙස තමන් ඉල්ලා සිටින බවද නිරෝෂණ මහතා පවසයි.

මාතලේ මහේෂ් කිර්තිරත්න

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *