රජයේ “පිරිසිදු ශ්‍රී ලංකාවක්” වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක කෙරුණු “පිරිසිදු මරදාන” වැඩසටහනට එක්වෙමින්, කොළඹ ආනන්ද විද්‍යාලය, සහිරා විද්‍යාලය සහ ශාන්ත ජෝසප් විද්‍යාලයේ සිසුන් අද (ජූනි 21) මරදාන දුම්රිය ස්ථානයේ 4 වන වේදිකාව පිරිසිදු කිරීමේ කටයුතුවල නිරත විය.
පිරිසිදු පරිසරයක් සහ සුන්දර ශ්‍රී ලංකාවක් වෙනුවෙන් තරුණ පරපුර පෙළගැසීම සතුටට කරුණක් බව අමාත්‍ය බිමල් රත්නායක මහතා සිය සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වමින් සඳහන් කර තිබුණි. මෙම පිරිසිදු කිරීමේ සහ අලංකරණ කටයුතු සඳහා සිසුන් විශාල පිරිසක් ඉතා උනන්දුවෙන් සහභාගී වූහ.
“පිරිසිදු ශ්‍රී ලංකාවක්” යන ජාතික ව්‍යාපෘතිය යටතේ දිවයින පුරා මෙවැනි වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන ඇත.
















