‘සුපිළිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්’ ජාතික වැඩපිළිවෙළට සමගාමීව සංවිධානය කෙරුණු 2026 ජාතික සුපිළිපන් සතිය වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ කැන්බරා හි පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේදී විශේෂ වැඩසටහනක් පවත්වා තිබේ.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සංවිධානය කළ ප්‍රධාන උත්සවයට සමගාමීව පැවැති මෙම වැඩසටහනේදී, මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් සහ කාර්ය මණ්ඩලය විසින් රාජ්‍ය සේවයේ විනිවිදභාවය, වගවීම, අල්ලස හා දූෂණය තුරන් කිරීම සහ ඉහළ සදාචාරාත්මක ප්‍රමිතීන් ආරක්ෂා කිරීම වෙනුවෙන් වන සුපිළිපන් ප්‍රතිඥාව ලබාදෙන ලදී.
මෙහිදී අදහස් දැක්වූ වැඩබලන මහ කොමසාරිස් විශ්වනාත් අපොන්සු මහතා සඳහන් කළේ ජනාධිපති අනුර කුමාර දිසානායක සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් යන මහත්වරුන්ගේ මඟපෙන්වීම යටතේ ආදර්ශවත් රාජ්‍ය සේවාවක් තුළින් ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට සහ අනෙකුත් පාර්ශ්වයන්ට ලබාදෙන සේවා ප්‍රමිතිය උසස් කිරීමට කැපවෙන බවයි.















