උෂ්ණත්වය අධික ලෙස ඉහළ යාම හේතුවෙන් ජලය හා වෘක්ෂලතා අඩුවීම මෙන්ම සෙවණ සහිත ස්ථාන අහිමි වීම නිසා ‘කාන්තාරයේ නෞකාව’ ලෙස හැඳින්වෙන ඔටුවන්ගේ ජීවිතයට දැඩි බලපෑමක් එල්ල වී තිබේ.
ලෝකයේ තනි කුබ්බයක් සහිත ඔටුවන්ගෙන් සියයට 80කට ආසන්න ප්‍රමාණයක් උතුරු අප්‍රිකාව සහ අප්‍රිකාවේ හෝර්න් කලාපයේ ජීවත් වන අතර, ගවයන් හා අනෙකුත් සතුන්ට වඩා නියඟය සහ උණුසුම දරාගැනීමේ ඇති විශේෂ හැකියාව නිසා පසුගිය වසරවල බොහෝ ගොවීන් ඔටුවන් ඇති කිරීමට යොමු වී සිටියහ. එහෙත් වර්තමාන උණුසුම් කාලගුණ තත්ත්වය එම සතුන්ට ද දරාගත නොහැකි මට්ටමකට පත්ව ඇති බව වාර්තා වේ.














