ලබන අගෝස්තු මස පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය මාස දෙකකින් කල් දමන මෙන් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකළ රිට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (23) නියෝග කර තිබේ.
අදාළ පෙත්සම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කරුණු සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර ඇති අතර, මෙම වසරේ උසස් පෙළ විභාගයට පළමුවරට හා දෙවන වරට පෙනී සිටින සිසු සිසුවියන් පිරිසක් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.














