කොළඹ නගරයේ මාර්ග දෙපස ගස් සිටුවා නගරය අලංකාර කිරීමේ වැඩසටහනක් අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) ආරම්භ කෙරිණි. මෙම ව්‍යාපෘතිය ජී ඕ එච් (Grand Oriental Hotel) හෝටලය සහ කොළඹ මහ නගර සභාව එක්ව ක්‍රියාත්මක කරනු ලබයි.
කොළඹ නගරාධිපති ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි අතර, ඩුප්ලිකේෂන් මාර්ගය දෙපස ඇහැල පැළ සිටුවීමෙන් ව්‍යාපෘතියේ ආරම්භය සනිටුහන් විය. ගෝලීය උණුසුම අවම කිරීම සහ ගස් සිටුවීමේ උත්සාහය ජනතාව අතරට ගෙන යාම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වේ.














