වගකීම් සහතිකය (Warranty Certificate) නිකුත් නොකර විදුලි උපාංග අලෙවි කිරීම හේතුවෙන් ආයතනයක හිමිකරුවෙකුට රුපියල් පනස් දහසක දඩ මුදලක් ගෙවන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න මහත්මිය අද (16) නියෝග කළාය.පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සිදුකළ වැටලීමකදී අංක 1, බේස්ලයින් පාරේ පිහිටි අදාළ ආයතනයේ වගකීම් සහතිකයක් නොමැතිව විදුලි උපාංග අලෙවියට තබා ඇති බව අනාවරණය විය. එම වැරදීම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව අදාළ දඩ මුදල නියම කෙරිණි.














