දේශීය කීරි සම්බා සහල් නියමිත මිලට වඩා වැඩි මිලකට අලෙවි කිරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ වරද පිළිගත් වෙළඳසැල් හිමියන් දෙදෙනෙකුට රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලක් ගෙවන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එච්. ඩී. දර්ශිමා ප්‍රේමරත්න මහත්මිය අද (24) නියෝග කළාය.
මෙම දඩ මුදල් නියම කෙරුණේ කොළඹ 8, ඇල්පිටිගල මාවතේ සහ බොරැල්ල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය වෙළඳසැල් හිමිකරුවන් දෙදෙනෙකුටය.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී නියමිත පාලන මිල ඉක්මවා සහල් අලෙවි කරමින් සිටියදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.














