වනවාසල දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රිය මාර්ගයේ යකඩ ගලවා දැමීම හේතුවෙන් සිදුවූ දුම්රිය අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ලබන මැයි 29 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් දුම්රිය මාර්ගයේ යකඩ ගැලවූ බව කියන ප්‍රධාන සැකකරු සහ එම යකඩ මිලදී ගත් පුද්ගලයා මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙකු බව පැවසෙන ප්‍රධාන සැකකරු ඇතුළු දෙදෙනාට එරෙහිව පොදු දේපල පනත සහ මිනීමැරීමට තැත් කිරීම යන චෝදනා යටතේ නඩු පවරා ඇති අතර, ඔවුන් සම්බන්ධයෙන් වන වැඩිදුර විමර්ශන පොලිසිය විසින් සිදුකරනු ලබයි.














