පෝලන්තයේ හිටපු අධිකරණ අමාත්‍ය සිබ්නිවිව් සියොබ්‍රෝ, දේශපාලන වාසි තකා රාජ්‍ය අරමුදල් අවභාවිත කිරීම ඇතුළු චෝදනා රැසකට මුහුණ දෙමින් සිටියදී ඉතාලියේ මිලාන් ගුවන්තොටුපොළ හරහා මෙම මස 09 වැනිදා අමෙරිකා එක්සත් ජනපදය වෙත පලාගොස් ඇති බව පෝලන්ත නීතිපති කාර්යාලයේ ප්‍රකාශකයෙකු අද (20) තහවුරු කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අලුත්ම තොරතුරු වාර්තා වන පරිදි, අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට සිබ්නිවිව් සියොබ්‍රෝ හට අමෙරිකානු වීසා බලපත්‍රයක් ලබා දීමට කටයුතු කරන ලෙස උපදෙස් දී ඇත්තේ අමෙරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් ක්‍රිස්ටෝපර් ලැන්ඩෝ (Christopher Landau) විසිනි. එම වීසා බලපත්‍රය හරහා හංගේරියාවේ සිට අමෙරිකාවට පලා යාමට ඔහුට හැකිවූ බව අභ්‍යන්තර ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.














