කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මඟින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2026 මැයි මාසයේ දී තවදුරටත් ඉහළ ගොස් තිබේ. ඒ අනුව, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මතුපිට උද්ධමනය 2026 අප්‍රේල් මාසයේ දී වාර්තා වූ සියයට 5.4ට සාපේක්ෂව 2026 මැයි මාසයේ දී සියයට 5.5 ක් දක්වා සුළු වශයෙන් වැඩි වී ඇත.
කෙසේ වෙතත්, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත ආහාර උද්ධමනය 2026 අප්‍රේල් මාසයේ දී වාර්තා වූ සියයට 2.8හි සිට 2026 මැයි මාසයේ දී සියයට 0.9ක් දක්වා පහළ ගොස් තිබේ. එමෙන්ම, ආහාර නොවන උද්ධමනය 2026 අප්‍රේල් මාසයේ දී වාර්තා වූ සියයට 6.8හි සිට 2026 මැයි මාසයේ දී සියයට 7.8ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය මතුපිට උද්ධමනය ඉහළ යෑම සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇත.
















