කොළඹ මහ නගර සභාවේ සිදුව ඇතැයි පැවසෙන දූෂණ හා වංචා සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවට කොළඹ මහනගර සභාවේ හිටපු නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය අද (17) පෙරවරුවේ පෙනී සිටියාය.
තමන්ව මෙම කොමිෂන් සභාවට කැඳවූයේ තම නගරාධිපති ධුර කාලය තුළ කොවිඩ්-19 වසංගතය සහ ආර්ථික අර්බුදය පැවති සමයේ, සතොස ආයතනය හරහා අඩු ආදායම්ලාභී ජනතාව වෙත ආහාර වවුචර් බෙදා දීමේ වැඩසටහන සම්බන්ධයෙන් කරුණු විමසීමට බව ඇය මාධ්‍ය වෙත පැවසුවාය. එම වැඩසටහන සම්බන්ධයෙන් පැවති ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීම සඳහා තමන් එහි පැමිණි බවද හිටපු නගරාධිපතිනිය වැඩිදුරටත් සඳහන් කළාය.
















