අමෙරිකාව විසින් එල්ල කරනු ලබන ප්‍රහාරවලට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඉරානය මැදපෙරදිග කලාපයේ පිහිටි අමෙරිකානු හමුදා ඉලක්ක කර ගනිමින් ප්‍රතිප්‍රහාර එල්ල කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, බහරේනයේ පිහිටි අමෙරිකානු හමුදා කඳවුරක තිබූ ගුවන් යානා ඉලක්ක කරගෙන මෙම ප්‍රහාර එල්ල කර ඇති බව ඉරාන හමුදාව තහවුරු කරයි. මේ අතර, තත්ත්වය උණුසුම් වෙමින් පවතින පසුබිමක කුවේට් හමුදාව නිවේදනය කර ඇත්තේ ඉරානය එල්ල කරන මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරවලට තමන් ප්‍රතිචාර දක්වමින් සිටින බවයි. එසේම, කටාර් බලධාරීන් පවසා ඇත්තේ ඉරානයෙන් එල්ල වූ ප්‍රහාර තම හමුදාව විසින් සාර්ථකව මැඩපැවැත්වූ බවයි.
















