මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු කල් ඉකුත් වූ ළදරු කිරිපිටි පැකට් අලෙවි කිරීමට ප්‍රදර්ශනය කර තිබූ කොළඹ ප්‍රදේශයේ පෞද්ගලික ෆාමසියක හිමිකරුවෙකුට රුපියල් ලක්ෂයක දඩ මුදලක් ගෙවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එච්.ඩී.ඩී.ජේ ප්‍රේමරත්න මහතා අද (30) නියෝග කළේය.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. විධාන අංක 52 දරන විධානය සහ අදාළ විශේෂ ගැසට් පත්‍රයට අනුව, විකිණීමට නුසුදුසු හෝ කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බව විමර්ශන නිලධාරීහු අධිකරණය හමුවේ පෙන්වා දුන්හ.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුට මෙම දඩ මුදල නියම කරනු ලැබීය.













