මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ කතරගම දේවාලය නියෝජනය කරමින් ගමන් කර සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක් වූ ‘සුදුමැණිකේ’ හස්තියාගේ හිමිකාරීත්වය දරන්නේ 20 හැවිරිදි මීෂා මිරිහැල්ල තරුණිය සහ ඇගේ මව වන දර්ශනි මිරිහැල්ල බව අනාවරණය වී තිබේ.
පෙරහැර සමයේදී පොලිස් මුරපොළක් අසලට හස්තියා කැඳවාගෙන යාමේ අපූර්ව සිදුවීමත් සමඟ මෙම පවුල් පසුබිම කරළියට පැමිණ ඇති අතර, මීට මාස කිහිපයකට පෙර අභාවප්‍රාප්ත වූ බුද්ධික මිරිහැල්ල මහතාගේ දරුවන් වන මීෂා සහ ඇගේ සොහොයුරියන් පවුලේ උරුමයක් ලෙස මෙම අලි ඇතුන් රැකබලා ගැනීම සහ සංස්කෘතික කටයුතු සඳහා යොමු කිරීමේ වගකීම මේ වන විට භාරගෙන ඇත. ලංකාවේ සිටින උසම හස්තියා වන 18 හැවිරිදි සුදුමැණිකේ මෙන්ම, රටේ විශාලතම හස්තියා ලෙස සැලකෙන 58 හැවිරිදි ‘රාමා’ හස්තියා ද මෙම පවුලට අයත් වේ.
















