කොළඹ වරාය නගර (Port City) පරිශ්‍රයේදී චීන ජාතිකයන් පිරිසක් අතර ඇති වූ උණුසුම් ගැටුමකින් පසුව එක් චීන ජාතිකයෙකු පැහැරගෙන ගොස් ඇති අතර, සිද්ධියට සම්බන්ධ බවට සැකකෙරෙන වෑන් රථයක තිබී ගිනිඅවියක් ද සොයාගෙන තිබේ.
ඊයේ (22) රාත්‍රී 11:00 ට පමණ චීන ජාතිකයන් තිදෙනෙකු ජීප් රථයකින් පැමිණ වරාය නගරයේ එල්ලෙන පාලම මත මාළු බාමින් සිටියදී, අද අලුයම 2:00 ට පමණ KDH වර්ගයේ වෑන් රථයකින් පැමිණි තවත් චීන ජාතිකයන් 15 දෙනෙකුගෙන් පමණ සමන්විත පිරිසක් ඔවුන්ට පහර දී මෙම පැහැරගැනීම සිදුකර ඇත. පහරදීමට පැමිණි පිරිස දමාගිය KDH වෑන් රථය පරීක්ෂා කිරීමේදී ඒ තුළ තිබී විදේශයක නිෂ්පාදිත රිවෝල්වරයක් සොයාගෙන ඇති අතර, පැහැරගැනීමට ලක්වූ පුද්ගලයා සොයා සහ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට වරාය නගර පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.














