පේදුරුතුඩුව සහ කර්කෝවලම් ප්‍රදේශවලින් ධීවර කටයුතු සඳහා මුහුදු ගිය ධීවරයින් සිව්දෙනෙකු අතුරුදන්ව ඇති බව පොලීසිය පවසයි. ඊයේ (27) රාත්‍රී 11.00 ට පමණ යාත්‍රා දෙකකින් මෙම ධීවරයින් සිව්දෙනා මුහුදු ගොස් ඇති බව පේදුරුතුඩුව පොලිස් ස්ථානාධිපතිවරයා තහවුරු කළේය.
මුහුදු ගිය අදාළ ධීවරයින් මේ වන තෙක් යළි වෙරළට පැමිණ නොමැති බව වාර්තා වේ. මේ වන විට අතුරුදන් වූ ධීවරයින් සොයා ගැනීම සඳහා ප්‍රදේශයේ සෙසු ධීවරයින් සහ අදාළ අංශ එක්ව විශේෂ මෙහෙයුම් ආරම්භ කර තිබේ.
















