කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල කැපීපෙනෙන වර්ධනයක් අද (2026 මැයි 04) වාර්තා වූ අතර, එය මෑත කාලීනව ආයෝජකයින් ලැබූ සුවිශේෂී ජයග්‍රහණයකි. එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 145.47කින් ඉහළ ගොස් ඒකක 22,695ක් ලෙස සටහන් වූ අතර, S&P SL20 දර්ශකය ද ඒකක 37.08කින් ඉහළ ගොස් ඒකක 6,244.64ක් ලෙස දිනය අවසානයේ වාර්තා විය.
දිනය තුළ රුපියල් බිලියන 4.80ක සමස්ත ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වූ අතර, එයට වැඩිම දායකත්වය ලබා දුන්නේ ලංකා දුම්කොළ සමාගමයි (CTC). එහිදී රුපියල් බිලියන 2.38ක වටිනාකමකින් යුතු ගිවිසා ගනු ලැබූ ගනුදෙනුවක් සිදු වූ අතර, විදේශීය විකුණුම්කරුවෙකුගෙන් දේශීය ආයෝජකයෙකු විසින් රුපියල් 1,780 බැගින් වූ මිලකට කොටස් 1,341,170ක් මිලදී ගෙන තිබුණි.
අද දින වෙළෙඳපොළ ඉහළ යාම සඳහා NDB බැංකුව, ඩයලොග් ආසියාටා, මෙල්ස්ටාකෝප්, කළම්බු ඩොක්යාඩ් සහ හරිස්චන්ද්‍ර මිල්ස් යන සමාගම්වල කොටස් මිල ඉහළ යාම ප්‍රධාන වශයෙන් බලපෑවේය. සමස්තයක් ලෙස සමාගම් 149ක කොටස් මිල ගණන් ඉහළ යාම හේතුවෙන් වෙළෙඳපොළ තුළ යහපත් ප්‍රවණතාවක් නිර්මාණය වී තිබේ.














