ශ්රී ලංකාව තුළ BMW මෝටර් රථ සඳහා වන බලයලත් ආනයනකරු සහ බෙදාහරින්නා ලෙස මෙල්ස්ටාකෝප් පීඑල්සී (Melstacorp PLC) හි පූර්ණ අනුබද්ධිත ආයතනයක් වන Mels Automobiles (Private) Limited පත් කර තිබේ. 2026 මැයි 4 වන දින නිල වශයෙන් නිවේදනය කරන ලද මෙම පත්වීමත් සමඟ, මෙරටට නවතම BMW මෝටර් රථ ආනයනය කිරීම, විකිණීම සහ බෙදාහැරීමේ පූර්ණ වගකීම එම සමාගම වෙත පැවරේ.
මීට අමතරව, අව්‍යාජ BMW අමතර කොටස් සැපයීම සහ ජාත්‍යන්තර BMW ප්‍රමිතීන්ට අනුකූලව අලෙවියෙන් පසු සේවා සහ නඩත්තු කටයුතු (Service Operations) සිදු කිරීම ද Mels Automobiles ආයතනය විසින් සිදු කරනු ඇත. ශ්‍රී ලංකාවේ සුඛෝපභෝගී මෝටර් රථ වෙළඳපොළ තුළ සිය ව්‍යාපාරික සලකුණ තැබීමේ උපක්‍රමික පියවරක් ලෙස මෙල්ස්ටාකෝප් පීඑල්සී මෙම නව ව්‍යාපෘතිය ආරම්භ කර තිබේ.














