කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ වෙළඳාම් කරන කාන්තාවකට තියුණු ආයුධයකින් පහර දී බරපතල තුවාල සිදු කළ බවට චෝදනා ලැබූ සැකකරුවෙකු ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (04) පියවර ගත්තේය.
රුපියල් ලක්ෂ 2ක ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා, මෙම ප්‍රහාරයට හේතුව දෙපාර්ශවය අතර පැවති ණය ගනුදෙනුවක් බව නිරීක්ෂණය කළේය.
කුරුඳුවත්ත පොලිසිය විසින් අධිකරණයට වාර්තා කළ අන්දමට, ණය මුදලක් සම්බන්ධයෙන් ඇති වූ බහින්බස් වීමක් අතරතුර සැකකරු විසින් අදාළ කාන්තාවගේ සිරුර කැපීමට ලක් කර ඇත. තුවාල ලැබූ කාන්තාව ද එම උද්‍යානය තුළම වෙළඳාම් කරන්නියකි.














