සමාගම් සහ සංගම් ලියාපදිංචි කිරීම සඳහා අය කරන ගාස්තු ඉහළ නැංවීමට රජය පියවර ගෙන තිබේ. වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයක් මගින් මෙම සංශෝධනය සිදු කර ඇත.
නව ගාස්තු ව්‍යුහයට අනුව පුද්ගලික සමාගමක් ලියාපදිංචි කිරීමේ ගාස්තුව රුපියල් 4,600 සිට රුපියල් 5,200 දක්වා ඉහළ දමා ඇත. මහජන සමාගමක් ලියාපදිංචි කිරීමේ ගාස්තුව රුපියල් 23,000 සිට රුපියල් 26,400 දක්වා වැඩි කර තිබේ. අසීමිත සමාගමක් ලියාපදිංචි කිරීමේ ගාස්තුව රුපියල් 17,250 සිට රුපියල් 19,800 දක්වා ඉහළ ගොස් ඇත. මීට අමතරව සමාගමක නාමය අනුමත කිරීම සඳහා අය කරන ගාස්තුව රුපියල් 2,300 සිට රුපියල් 2,600 දක්වා සංශෝධනය කර ඇත.
















