කොංගෝ ජනරජයේ නැගෙනහිර ප්‍රදේශයේ කැරලිකරුවන්ගේ පාලනය යටතේ පවතින බුකාවු නගරයේ පාසල් දෙකක් ගිනි ගැනීමෙන් ඇති වූ තෙරපීමකදී පාසල් සිසුන් 24 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ගින්නෙන් බේරීමට උත්සාහ කිරීමේදී මෙම සිසුන් තෙරපීමට ලක්ව ඇති අතර, වැඩිහිටියන් කිහිපදෙනෙකුද මියගොස් ඇත. මෙම අනතුරින් නිවාස 300කට පමණ හානි සිදුව ඇති අතර, තුවාල ලැබූවන් රෝහල් වෙත ඇතුළත් කර ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැත.














