• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

බදුල්ල මහනුවර රජ මාවත දක්වා මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ආරම්භයි

25 October 2020
in සංවර්ධන

බදුල්ල සිට මහනුවර රජ මාවත දක්වා යාමට කෙටිම හා විකල්ප මාර්ගයක් ලෙස බදුල්ල මහනුවර රජ මාවත දක්වා වූ මාර්ගයේ ඉදිකිරීම් යටතේ හාලිඇල සිට මස්පන්න දක්වා පළමු අදියරේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරිණි.

ඒ, ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතාගේ ප්‍රධානත්වයෙනි.

කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ නියෝජ්‍ය සංවිධායක ඩිලාන් පෙරේරා යන මහත්වරුන්ගේ ඉල්ලීම පරිදි මෙම මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරනු ලැබීය.

එහි පළමු අදියර ලෙස හාලිඇල මස්පන්න දක්වා වූ කොටසේ කිලෝ මීටර් 25 ක දුරක් ඉදිකිරීම ආරම්භ කෙරිණි. මේ සඳහා රුපියල් මිලියන 1,375 ක පමණ මුදලක් වැය වෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම මාර්ගය ක්‍රිස්තු වර්ෂ 1634 තරම් දිගු ඉතිහාසයකට උරුමකම් කියයි. ක්‍රි.ව 1634 – 1638 දක්වා කාලයේ ඌවේ රජකල ප්‍රාදේශීය නායකයකු වූ කුමාරසිංහ රජු විසින් බදුල්ල සිට මහනුවර රජවාසල දක්වා ගමන් කිරීමට යොදාගත් මාර්ගයයි. දැඩි ලෙස අබලන් වී ඇති මාර්ගය වසර 13 කට පසු ඉදිකිරීම් ආරම්භ කිරීම මෙම ප්‍රදේශයේ ජනතාවට පැවති ප්‍රධාන ගැටළුවකට විසදුම් ලබා දීමකි.

මෙම අවස්ථාවට බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චාමර සම්පත් දසනායක, සුදර්ශන දෙණිපිටිය, හිටපු ඌව පළාත් සභා අමාත්‍ය සෙන්දිල් තොන්ඩමාන්, හාලිඇල ප්‍රාදේශීය සභාවේ සභාපති නිමල් සේනානායක, මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර්.පේමසිරි, බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම, මාර්ග සංවර්ධන අධිකාරියේ ඌව පළාත් ව්‍යාපෘත අධ්‍යක්ෂක ටී.කේ.එම්.ගලප්පත්ති යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්වූහ.

 

 

Post Views: 77
Previous Post

කොරෝනා ආසාදිතයින් 3883 දක්වා ඉහලට

Next Post

කොරෝනා ආසාදිතයින් 4050 දක්වා ඉහලට

editor

editor

Next Post

කොරෝනා ආසාදිතයින් 4050 දක්වා ඉහලට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved